ගූගල් සමාගම විසින් යුක්රේනයේ පරිශීලකයන්ට සජීවී තොරතුරු සපයන විශේෂාංග දෙකක් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ගූගල් මැප් (Google Map) සේවාව යටතේ සජීවී තොරතුරු ලබා ගැනීමේ පහසුකම් සියල්ලම අත්හිටුවා ඇත.
සමහර පර්යේෂකයන් දුර සිට ම ගැටුම් නිරීක්ෂණය කිරිමට මෙය භාවිත කිරීම මෙන්ම මාර්ගවල වත්මන් තත්වය, ප්‍රදේශයේ සජීවි තොරතුරු සහ මාර්ගවල පවතින තදබදය ඇතුළු විස්තර ලබා ගැනීමට මෙමගින් නොහැකි වනවා.
ගූගල් සමාගම පවසන්නේ යුක්රේනයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
මේ අතර යුක්රේනයේ ප්‍රමුඛ හමුදා නිලධාරීන්, දේශපාලනඥයින්,ප්‍රසිද්ධ පුද්ගලයින් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගැනීමට රැසියාවේ හැකර් කණ්ඩායමක් විසින් ෆේස්බුක් භාවිත කර ඇති බව Meta ආයතනයේ පවසනවා.
(සී.එන්.එන්. ඇසුරිනි)අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



