අද (28) දිනයේදීත් නැගෙනහිර සහ ඌව යන පළාත් වල ද පොලොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව බස්නාහිර සහ සබරගමු යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇත.
එමෙන්ම ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



