යුක්රේන රාජ්‍ය අවි නිෂ්පාදන සමාගමක් වන උක්‍රොබොරොන්ප්‍ර්‍රොම් ප්‍රකාශ කළේ රුසියාව විසින් යුක්රේන ගුවන් සේවයේ ප්‍රමුඛයා විනාශ කර දැමූ බවයි.
ඒ අනුව කිව් අගනුවර ආසන්නයේ හොස්ටමෙල් ප්‍රදේශයේ පිහිටි ගුවන්තොටුපල තුළදී මෙම යානය පිළිස්සී විනාශ වී ඇති අතර එය යථා තත්ත්වයට පත්කිරීමට නම් ඩොලර් බිලියන 03 කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේ පිළිබඳ ට්විටර් සටහනක් තබමින් යුක්‍රේනයේ විදේශ ඇමතිවරයා කියා සිටියේ යුක්රේනයේ 'සිහිනය' නමින් හදුන්වන AN-225 MRIYA විනාශ කිරීමට රුසියාවට හැකි වුණ ද යුක්රේනයේ ශක්තිය බිඳ හෙලීමට රුසියාවට කිසිදා නොහැකි බවයි.
මෙම ගුවන් යානය 2018 වසරේ අප්‍රේල් මාසයේ දී ඉන්ධන ලබා ගැනීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ද පැමිණ තිබෙනවා.මෙම ගුවන් යානය දිගින් මීටර් 84ක් ද බර කිලෝ ග්‍රෑම් 2,85,000 ක් ද වනවා. එමෙන්ම එහි පියාපත් දෙකෙහි දිග මීටර් 88ක් වන අතර පැයට කිලෝ මීටර් 850 ක වේගයෙන් පියාසර කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



