අද (03) පස්වරුවේ සිදු කෙරුණු කැබිනට් අමාත්‍යධුර සංශෝධනයේ දී ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබෙනවා.
ඔහු මීට පෙර විදුලිබල අමාත්‍ය ධුරයේ කටයුතු කරනු ලැබුවා.
එසේම ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නව විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් මගින් මෙම වෙනස්කම් සිදුකර ඇත.
මේ අතර තවත් කැබිනට් ඇමතිධූර සංශෝධන සිදු වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



