ඊයේ (03) සහ අද(04) දෙදින තුළ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිය නව අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබුවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (02) අ වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරුණු බලතල ප්‍රකාරව මෙම අමාත්‍යධුර සංශෝධනය සිදු කෙරුණා.
ඒ අනුව ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නව විදුලිබල අමාත්‍යවරිය ලෙස ද බලශක්ති අමාත්‍යවරයා ලෙස ගාමිණී ලොකුගේ මහතා ද ඊයේ දිවුරුම් දුන්නා.
තවද වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත.
විමල් වීරවංශ මහතා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ කර්මාන්ත අමාත්‍ය ධුරය හිමි වුණේ එස්.බී.දිසානායක මහතාටයි.
වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස සී.බී.රත්නායක මහතා අද දිවුරුම් දුන් අතර නව ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබුවා.
කෙසේ වෙතත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය රාජකාරිවලින් බැහැරව සිටින බව අද (04) උදෑසන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවා .
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



