පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අරුන්දික ප්‍රනාන්දු මහතා අද (04) යළිත් දිවුරුම් දී තිබෙනවා.
පසුගියදා රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරය තුළ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැතවීමට පත් කරන ලද කමිටුවක් මගින් හිටපු අමාත්‍යවරයා නිර්දෝෂී බව ඔප්පු කරනු ලැබුවා.
ඒ අනුව අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් අද සිය රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



