තාවකාලිකව මෙරටට පැමිණීමට අපේක්ෂා කරන බෙලරුසයේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන් සඳහා හදිසි පදනමක් මත සංක්‍රමණ වීසා නිකුත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඊයේ (04) නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ යුක්‍රේනයේ වත්මන් වාතාවරනය සම්බන්ධයෙන් අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින බවයි.
ඒ අනුව තාවකාලිකව මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සිසුන්ට මොස්කව් හරහා ගමන් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් දෙන අතර මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙස දන්වා සිටියි.
දුරකථන අංක +79801445726 සහ slemb.moscow@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල හරහා (24×7) පුරා මස් කවි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය සමග සම්බන්ධ සම්බන්ධ විය හැකියි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



