ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාවන්ට ලබාගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරු සපයන e-diriya ජංගම යෙදුම (app) කොළඹ මහ නගර සභාව විසින් අද දියත් කරනු ලැබුවා.
ඒ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
මෙම යෙදුම මගින් කාන්තාවන් සුරක්ෂිතව තබා ගැනීමටත්, කාන්තාවන් පොලිසියට සම්බන්ධ කිරීමටත් ගිලන් රථ සේවාව සහ ගිනි නිවන සේවා සහය ඇතුළු අනෙකුත් සේවාවන් සඳහාත් මේ හරහා සම්බන්ධ විය හැකි බව රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



