හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ (07) පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනක් සඳහා හිටපු ජනාධිපතිවරයා සහභාගී වෙමින් සිටි අතරතුර මෙම පහරදීම සිදු වී ඇති බව වාර්තා වනවා.
සිද්ධිය වන අවස්ථාවේ අනෙක් ආරක්ෂක නිලධාරීන් මැදිරිය තුළ සිට ඇති අතර පසුපෙළ ආරක්ෂක රථයේ රියැදුරු පමණක් මැදිරියෙන් පිටත මාර්ගයේ සිට ඇත.
බීමතින් සිටින පුද්ගලයින් පස් දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක ජීප් රථය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම පිරිස පොලිස් සැරයන්වරයාට පහර දී තිබෙනවා.
තුවාල ලැබු නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කොස්වත්ත සහ බත්තරමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.
ඉතිරි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



