මාර්තු 24 වනදා ග්ලාස්ගෝ හි දී පැවැත්වීමට නියමිතව තිබූ ස්කොට්ලන්ත - යුක්රේන පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගය කල් දමා ඇති බව බලධාරීන් පවසයි.
යුක්රේන පාපන්දු සංගමය විසින් පසුගිය සතියේ කළ ඉල්ලීමකට අනුව ලෝක පාපන්දු පාලක මණ්ඩලය (FIFA) මේ සඳහා එකඟ වී තිබෙනවා.
ඒ අනුව තරගය එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය ලබන කණ්ඩායම නොවැම්බර් මාසයේ කටාර් හි පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ඔස්ට්‍රියාව හෝ වේල්සයේ කණ්ඩායම සමඟ තරග වදිනු ඇත.
පසුගිය පෙබරවාරි 24 වන දින රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ යුක්රේනය තුළ පාපන්දු තරග අත්හිටුවා තිබෙනවා.
මේ අතර ලෝක පාපන්දු පාලක මණ්ඩලය විසින් පසුගියදා රුසියාවට සියලුම ජාත්‍යන්තර තරග තහනම් කරනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



