කල් ඉකුත් වීමට නියමිත රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසනවා.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා ආනයනික සුහුරු කාඩ්පත් නොමැතිවීම මෙයට හේතුව බවත් පවතින දුෂ්කරතා මගහරවා ගැනීම සදහා නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් මිලියනයක් ඕස්ට්‍රියාවෙන් ඇනවුම් කර ඇති අතර ඒ සඳහා යූරෝ 690,000 ක් අවශ්‍ය බවත් එම යුරෝ ප්‍රමාණය මහ බැංකුවෙන් නිකුත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලබනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



