රුසියාව සමඟ පැවැත්වෙන සාම සාකච්ඡා වඩාත් යථාර්ථවාදී වීමට පටන් ගෙන ඇති නමුත් සාකච්ඡාවල ප්‍රතිඵලය සහතික කිරීම සඳහා වැඩි කාලයක් අවශ්‍ය බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
රුසියාව සමග සාකච්ඡා ඉතා දුෂ්කර නමුත් නිසැකවම සම්මුතියකට එළඹීමට ඉඩ ඇති බව යුක්රේනයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අද වන විට රුසියාව යුක්රේනය ආක්‍රමණය කර සති තුනකට ආසන්න වන අතර රුසියානු හමුදා කිව් අගනුවර සහ දකුණු වරාය නගරය වන මරියුපෝල් ඇතුළු යුක්‍රේන නගරවලට අඛණ්ඩව බෝම්බ හෙලීම සිදු කරමින් සිටිනවා.
මේ අතර රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ මරියුපෝල් හි පිහිටි රෝහලක් තුළ වෛද්‍යවරුන් සහ රෝගීන් ඇතුළු 400 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
(විදෙස් මාධ්‍ය ඇසුරිනි)අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



