බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට එරෙහිව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් ගොනු කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් සලකා බැලීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතාට එළඹෙන මැයි මස 12වැනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට නොතීසියක් මගින් දැනුම් දෙන ලෙස පෙත්සම්කරුවන්ට නියෝග කර තිබෙනවා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙක් වන අතර වෙනත් රටක පුරවැසියෙකු මෙරට මුදල් අමාත්‍යධූරයේ කටයුතු කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මෙම පෙත්සම හරහා ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා,පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



