රට තුළ පවතින වත්මන් තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ ජලය සහ විදුලිය භාවිතය සීමා කිරීමට පියවර ගන්නා ලෙස රජය උපදෙස් දී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ විදුලි සහ ජල පරිභෝජනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන මුදල රුපියල් කෝටි 08ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මහජන ගැලරියේ සහ අමුත්තන්ගේ ගැලරියේ විදුලි පහන් සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පියවර ගෙන ඇති අතර වායු සමීකරණ යන්ත්‍ර සහ විදුලි සෝපාන කිහිපයක් ද තාවකාලිකව නතරකර ඇති බව ඉංජිනේරු අංශය පවසයි.
එමෙන්ම විදුලිය භාවිතය අඩු කිරීම සඳහා වන උපකරණ පද්ධතියක් ද සවි කිරීමට කටයුතු කෙරෙන බවත් පාර්ලිමේන්තුවේ සියලුම සී.එෆ්.එල්. විදුලි බල්බ වෙනුවට විදුලිය අඩුවෙන් වැයවෙන එල්.ඊ.ඩී බල්බ සවි කළ බව වැඩිදුරටත් වාර්තා වනවා.
මේ අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සුන්දරත්වය සදහා එහි ඉදිරිපිට ජලය කඩා හැලෙන ආකාරයට ක්‍රියාත්මක කෙරුණු යාන්ත්‍රණයද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පාර්ලිමේන්තු නිලධාරීන් පවසන්නේ ජල මෝටර් කිහිපයක් යොදාගෙන ක්‍රියාත්මක කෙරුණු මෙම යාන්ත්‍රණය සඳහා කිලෝ වොට් 75 ක පමණ විදුලි ප්‍රමාණයක් වැය වන බවයි.
මීට අමතරව පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි ජලය පාවිච්චිය ද සීමා කර ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



