ලංකා සතොස අලෙවිසැල් බොහොමයක සීමා කර ඇති ප්‍රමාණයට හෝ භාණ්ඩ මිලදී ගැනීමට නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මිල දර්ශනය පමණක් ප්‍රදර්ශනය කර තිබුණද මිලදී ගැනීමට භාණ්ඩ නොමැති බවයි.
ඒ අනුව ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් 500 දක්වා ද හාල් කිලෝ ග්‍රෑම් 5ක් ද සීනි කිලෝ ග්‍රෑම් 2ක් ද සැමන් ටින් එකක් සහ පොල් ගෙඩි තුනක් වශයෙන් භාණ්ඩ අලෙවිය සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සම්බා කිලෝවක් රුපියල් 130 කටත් සුදු සහ රතු කැකුළු කිලෝවක් 105 කටත් සුදු සීනි 130ක ට සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 360ක් වශයෙන් සතොස අලෙවිසැල් හරහා අලෙවි කරනු ලබයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




