ඉතා අපහසු සහ තීරණාත්මක අවස්ථාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණය ඉතා ධෛර්යවන්ත තීරණයක් බව දේශපාලනික කටයුතු පිළිබඳ ඇමරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පැවසුවා.
දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය දා මෙරටට පැමිණි ඇය ඊයේ (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර කොළඹ වරායේ සංචාරයක ද නිරත වුණා.
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මහතා සහ නූලන්ඩ් මහත්මිය විදේශ අමාත්‍යාංශයේ පැවැති ශ්‍රී ලංකා එක්සත් ජනපද හවුල්කාරීත්ව සංවාදයේ 4 වන සැසිවාරයට ද සහභාගී වී තිබෙනවා.
"වසර 70 වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සමග අපේ සම්බන්ධතාවය ඉතාම ශක්තිමත්. අපි මේ තීරණාත්මක අවස්ථාවේ ඔබ සහයත් දෙන්න ඉතා උවමනාවෙන් ඉදිරිපත් වෙන්න සූදානම්.අපි අතර වෙළෙඳ සබඳතා කෝවිඩ් වසංගත සමයේ වර්ධනය වුණා.විශේෂයෙන්ම එය සිදුවුණේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් ඇඟලුම් කර්මාන්තය හරහා ගෝලීය අවශ්‍යතාවය වුණු ආරක්ෂිත ඇදුම්වලට දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබීම නිසා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




