අද පැවැති සර්ව පාක්ෂික සමුළුව අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2022 අයවැය යෝජනා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව පැවසුවා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මේ මොහොතේ සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් ගෙන ආ යුතු බවයි.
කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව මත එවැනි අයවැයක් ගෙන ඒමට තමා සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




