ඉන්දියානු සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ නායකත්වය රවීන්ද්‍ර ජඩේජා වෙත පැවරීමට තීරණය කර ඇත.
ඒ අනුව 2012 වසරේ සිට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියෝජනය කරන ජඩේජා එම කණ්ඩායමට නායකත්වය දෙන තෙවැනි ක්‍රීඩකයායි.
2008 වසරේ සිට දෝනි විසින් මෙවන් කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර ඔහුගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2010, 2011, 2018 සහ 2021 වසර වල ජයග්‍රහණය ලබා ගැනීමට ද සමත් වුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




