අමාත්‍යාංශයේ වැඩ කටයුතුවලින් ඈත්ව සිටිය ද තමා තවමත් ආන්ඩුවේ සාමාජිකයකු බව වාසුදේව නානායක්කාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස සිටීමට ඉඩ දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එහෙත් කිසි විට වත්මන් අපිරිසිදු විපක්ෂයට එක්වීමට සූදානම් නැති බවයි.
ඊයේ (23) විවාදයට ගැනුණු ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ පනවා ඇති නව රෙගුලාසිවලට විරෝධය පළ කිරීමෙන් අනතුරුව සමගි ජනබලවේගයේ සාමාජිකයන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




