ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නැති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.
ඔහු පැවසුවේ ජනාධිපතිවරයා මෙවැනි අර්බුදකාරී කාලයක පලා යන අයෙක් නොව අධිෂ්ඨානශීලී දැක්මක් ඇති පුද්ගලයෙක් බවයි.
එමෙන්ම සාමාන්‍ය ජනතාව මුහුණ දෙමින් සිටින විවිධ ගැටලු සහ ඒවාට විසඳුම් සෙවීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ජනාධිපතිවරයාගේ සැලසුම් කඩාකප්පල් කිරීමේ අරමුණින් විවිධ කණ්ඩායම් විසින් මෙම කටකතා පතුරුවා හරිමින් රජය අස්ථාවර කිරීමට කටයුතු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



