ඉහළ ඉන්ධන මිලට එරෙහි විරෝධතාවක කොටසක් ලෙස ට්‍රක් රථ පෙළක් සති අන්තයේ ජර්මනියේ හැම්බර්ග් නගරයේ ගමනාගමනය අවහිර කලා. පෙළපාලිය සඳහා වාහන 250 ක් පමණ සම්බන්ධ වී ඇති බව පොලිසිය වාර්තා කරනවා.
විරෝධතා හේතුවෙන් පිට පිටම දෙවන සති අන්තයේ රථවාහන ප්‍රමාදයක් ඇති වූ අතර, පෙර සති අන්තයේ විරෝධතාවයක් සමඟින් සහභාගිවන්නන් 500ක් නගරය හරහා ගමන් කිරීම නිසා මාර්ග අවුල් සහගත තත්ත්වයකට පත් වුුුණා.
යුක්රේනයට රුසියානු හමුදා ප්‍රහාරයෙන් පසු මෑත සතිවල ජර්මනියේ සහ අනෙකුත් බටහිර රටවල ඉන්ධන පිරිවැය ඉහළ ගොස් තිබේ. මොස්කව් වෙත පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාවෙන් තෙල් හා ගෑස් ලබාගැනීමට බටහිර රටවල් වලට දුෂ්කර වී තිබෙනවා. මේ හේතුවෙන් බටහිර රටවල පිරිවැය ඉහළ යමින් පවතිනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



