ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද 16 දෙනෙකුගෙන් යුත් උපදේශන කමිටුව ඊයේ (22) නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බරපතළ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා විසින් පසුගිය 15 වනදා මෙම උපදේශන කමිටුව පත්කරනු ලැබුවා.
ඒ අනුව ආර්ථික ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝ කාලීන පියවර ගත යුතු බවත් මුහුණ දී ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් මෙම ආර්ථික පසුබෑම කෙටි කාලයක් තුළ මගහරවා ගත හැකි බවත් උපදේශන කමිටුව පවසනවා.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ උපදේශක කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියා.
එම යෝජනා මාලාව
1. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වනනිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම.
2. මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම.
3. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින්ඉදිරිපත් කළ යුතුය.
4. මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



