විදුලි බල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.
පිළියන්දල මාවිත්තර පිහිටි රියදුරුගේ නිවස ඉදිරිපිට දී ඊයේ (21) රාත්‍රී 8ට පමණ යතුරුපැදිකරුවකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර බරපතළ තුවාල ලබා පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වනවා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ පිළියන්දල මාවිත්තර ගම්මානවත්ත ප්‍රදේශයේ පදිංචි ඈපාසිංහගේ කණිෂ්ක (41) නැමැති දෙදරු පියෙක් බව කැස්බෑව පොලිසිය පවසයි.
මියගිය තැනැත්තාගේ නිවස ඉදිරිපිටින් අධික ශබ්දයක් පිට කරමින් කිහිප වතාවක් යතුරුපැදිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් හේතුවෙන් යතුරුපැදිකරු විසින් රියදුරා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර කැස්බෑව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



