එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඇය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ විදේශ කටයුතු ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන අය හමුවීමට නියමිතයි.
එළඹෙන මාර්තු 23 වන දා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එක්සත් ජනපද හවුල්කාරීත්ව සංවාදයේ හතරවෙනි සැසිවාරයේ දී විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නූලන්ඩ් මහත්මිය සම සභාපතිත්වය දැරීමට නියමිතයි.
2019 වසරේ වොෂින්‍ටන් හි දී ශ්‍රී ලංකා එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදය අවසන් වරට පවත්වනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




