ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය එළඹෙන සතිය වන විට විසඳෙනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව ඉන්දියාවෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් කෝටි 50 ක ණය මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ඊයේ (21) රාත්‍රියේ පැවති කැබිනට් හමුවේ දී අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට මහ බැංකුව එකඟ වී ඇති අතර ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම වහාම සිදු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට ඩොලර් කෝටි 150 ක ණය මුදලක් ලැබී ඇති අතර එම භාණ්ඩ ආනයනයට කඩිනමින් කටයුතු කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




