මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල දී පුද්ගලයකු ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව මිරිගම පොලිසිය පවසනවා.
ත්‍රීරෝද රථයකින් පැමිණි මියගිය පුද්ගලයා පෝලිමේ රැඳී සිට කෑන් තුනකට ඉන්ධන ලබා ගෙන ඇති අතර තුන්වන කැළය රැගෙන ත්‍රී රෝද රථය අසලට යමින් සිටියදී ඔහු එකවරම බිම ඇද වැටී තිබෙනවා.
අනතුරුව ඒ අසල ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




