ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව මෙතෙක් නිල වශයෙන් මුදල් අමාත්‍යංශයට ලබාදී නැති බව ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවා.
අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසූයේ එම වාර්තාව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යේ වඒ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇති වූ සංවාදයක් අතරතුර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
හිටපු විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එම වාර්තාව වෙබ් අඩවියට ඇතුළත් කරන්නේ නම් එය ඉන් ලබාගත හැකි බවයි.
එමෙන්ම පාකිස්ථානයේ IMF වාර්තාවද මේ වන විට නිකුත් වී ඇති බවත් ශ්‍රී ලංකාවේ වාර්තාව මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළා
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




