රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන දක්ෂ ජිම්නාස්ටික් ශූරයක් වන 38 හැවිරිදි අලීනා කබෝවා රුසියානු විරුද්ධවාදීන්ගේ උදහසට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දෙදරු මවක් වන අලීනා සිය පෙම්වතිය බවට රුසියානු ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක පිළිගෙන නැති වුණ ද එම දරුවන්ගේ පියා පුටින් බවට කටකතා පවතියි.
එසේම පසුගිය පෙබරවාරි 24 වනදා යුක්රේනයට පහර දීමට පෙර අලීනා සහ දරුවන් දෙදෙනා ස්විස්ටර්ලන්තයට යැවීමට පියවර ගෙන ඇති අතර ඇයව වහා එරටින් නෙරපා දමන ලෙස පුටින්ගේ විරුද්ධවාදීන් පවසනවා.
මේ වෙනුවෙන් ඔවුන් අන්තර්ජාලය හරහා පෙත්සමක් අත්සන් කර ඇති අතර ඒ සඳහා මේ වන විට අත්සන් 55,000ක් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අලීනා කබෝවා වසර හයක් පාර්ලිමේන්තු නියෝජිතවරියක ලෙස එරට එක්සත් පාලක පක්ෂයද නියෝජනය කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




