ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය සැලකිල්ලට ගනිමින් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජෙනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය, නෝර්වේ ඔස්ලෝහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය එළඹෙන 31 වන දා සිට වසා දැමීමට නියමිතයි.
මේ අතර ඉරාක තානාපති කාර්යාලයේ කටයුතු ඩුබායි හි පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලය හරහාත් නොර්වේ තානාපති කාර්යාලයේ කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් හි පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලය හරහාත් සිඩ්නි නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යටතේත් සිදුකෙරෙනු ඇත.
ඒ සමග 63 ක් ව පැවති ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල ප්‍රමාණය 60 දක්වා අඩුවන අතර එම කාර්යාලය 60 ද පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




