සපුගස්කන්ද පිරිපහදුව වරින්වර අක්‍රිය කර දැමීමත් සමග එහි ඇති වටිනා යන්ත්‍ර සූත්‍ර ඇතුළු ප්ලැටිනම් සහිත උත්ප්‍රේරකවලට හානි සිදු වීමේ අවදානමක් ඇති බව රසායනික විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
ඒ අනුව පිරිපහදුව වරින්වර නවතා යළි පණ ගැන්වීමේ දී එහි ඇති උත්ප්‍රේරක හා අනෙකුත් උපකරණ වලට හානි සිදු වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුවන බව එහි හිටපු රසායනාගාර ප්‍රධානී ඛනිජතෙල් උපදේශක සිරිල් සුදු ඇල්ල මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බොරතෙල් පිරිපහදු කිරීමේදී සෙන්ටිග්‍රේඩ් 450-470 ක පමණ උෂ්ණත්වයකින් එය ආරම්භ කරන අතර පිරිපහදුවේ සියුම් උපකරණ සිසිලනය වී නැවත දැඩි උෂ්ණත්වයකට ලක් වීම නිසා ඉක්මනින් විනාශ වී යා හැකි බවයි.
1969 වසරේ දී අක්කර 165 ක භූමි ප්‍රමාණයක ඉදිකරන ලද මෙම පිරිපහදුව මෙරට ඇති එකම තෙල් පිරිපහදුව වනවා.එකල මෙය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 170 ක් පමණ වන අතර නැවත මෙවැනි පිරිපහදුවක් ඉදි කිරීමට ඩොලර් බිලියන ගණනක් වැය වන බවයි වාර්තා වන්නේ.
ඉකුත් මාස පහක කාලය තුළ සිව්වතාවක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන්ම නතර කර දැමූ අතර අවසන් වරට පසුගිය 20 වන දා එය යළි සම්පූර්ණයෙන් අක්‍රිය කරනු ලැබුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




