2011 වසරේ දී කූඨ ලේඛන ඉදිරිපත් කර තීරු බදු රහිතව මෙරටට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ශාමලී ප්‍රනාන්දු සහ තරංගා නිමල්කා ඒකනායක යන නිළධාරිනියන්ට විරුද්ධව මගෙන් රටට සංවිධානයේ පිරිසක් විසින් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
වසර 5 කට අඩු සේවා කාලයක් තුළදී මෙම තීරු බදු සහනය ලබාගැනීම බරපතළ වරදක් බව එම සංවිධානයේ නියෝජිතයින් පවසයි.
මේ අතර පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දුන්නේ මෙම වංචා මගින් රටට අහිමි වූ මුදල් අද පවතින ආර්ථික අර්බුදයට ද බලපා ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






