විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත සහ අන්තිම කැමති පත්‍ර ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම,විවාහ ශුන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වා දීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම විවාහ ශුන්‍යතා ව හෝ ශුන්‍යතා ව හෝ අධිකරණමව හෝ අධිකරණමය වෙන්වීම සඳහා විධිවිධාන ඇතුළත්ව නොමැති අතර විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා සපුරාලිය යුතු නියමයන් ඇතුලත් විය යුතු වනවා.
ඒ අනුව මීට අදාළ කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අන්තිම කැමති පත්‍ර ආඥා පනතට අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




