මාර්තු මස අවසන් වීමට පෙර තමන්ට නියමිත තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කිරීම තුළින් උත්සව සමයෙන් පසු යළි රට තුළ කොරොනා රැල්ලක් ඇති වීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පසු ගිය වසරේ මෙම කාලය වන විට රෝගීන් පාලනය වී තිබුණ ද උත්සව සමයෙන් පසු බරපතල ලෙස රෝගීන් ඉහළ ගොස් නව රැල්ලක් ඇති වූ බවයි.
"සිංහල අවුරුද්දෙන් පස්සේ බරපතළ ලෙස රෝගීන්ගේ වැඩිවීමක් වීමක් වුණා.මේ අවුරුද්දෙත් ඒක ආකාරයටම එය සිදුවීමට ඉඩ තියෙනවා.මොකද ඒ ආකාරයටම සාප්පූ සවාරි යෑම, උත්සවවලට සහභාගි වීම ආදිය ජනතාවගෙන් බලාපොරොත්තු වන නිසා.නමුත් අපි ගිය අවුරුද්දේ කරා වගේම මේ වතාවෙ ඒ වැරැද්ද කරන්නේ නැතුව හැකි පමණින් ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු කළොත් සිංහල අවුරුද්දෙන් පස්සේ නැවත අනතුරුදායක තත්ත්වයක් ඇතිවෙන එක වළක්වා ගන්න පුළුවන්."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




