කුන්මිං සිට ගුවැන්ෂු බලා පියාසර කළ චීනයේ ඊස්ටන් ගුවන් සේවයට අයත් MU5735 ගුවන් යානය කඩාවැටීමෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු දිවි ගලවා ගෙන නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ කාර්ය මණ්ඩලය 9 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 132 දෙනෙක් පමණ හිඳ ඇති අතර හැඳුනුම්පත් සහ මුදල් පසුම්බිවල පිළිස්සී ගිය කොටස් හමුවී තිබෙනවා.
2010 වසරට පසු චීනයේ වාණිජ ගුවන් යානයක් අනතුරට ලක් වූ පළමු අවස්ථාව මෙයයි.
මෙම අනතුරින් පසු ඉන්දියාව එරට ගුවන් සේවා සඳහා යොදාගනු ලබන බෝයිං 737 වර්ගයේ ගුවන් යානා දැඩි පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




