ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පසුගියදා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස රජයට යෝජනා කිරීමත් සමඟ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් සමුළුවට සහභාගිවීම ප්‍රතික්ෂේප කළ අතර දෙමළ ජාතික සංධානය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් මේ සඳහා සහභාගී වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සර්ව පාක්ෂික සමුළුව සමුළුවට සහභාගී වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




