විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමූ හොත් ජල බිල්පත් ද ඉහළ දැමීමට සිදුවන බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
"පානීය ජලය සැපයීම සඳහා අප අමාත්‍යාංශයක් ලෙස ප්‍රමුඛත්වයක් ලබා දෙනවා ඒත් විදුලි බිල වැඩි වුවහොත් ඒ සම්බන්ධයෙන් අපට තීන්දුවක් ගන්න වෙනවා.අපේ ආයතනවලට පාඩුවක් ලබන්න බෑ."
කෙසේ වෙතත් ඔහු පැවසුවේ මෙතෙක් එවැනි කිසිදු තීන්දුවක් ගෙන නැති බවයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




