හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථවලට ශ්‍රී ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව අදාල බස්රථ විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බව සනාථ කිරීමෙන් පසු ඒවාට ඉන්ධන ලබා දී ඒ මොහොතේම අදාළ මුදල් ලබාගන්නා ලෙස වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ඩී.එල්.කේ.ද සිල්වා මහතා දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මීතොටමුල්ල, ජා ඇල, අනුරාධපුර, මහනුවර, දඹුල්ල, නුවරඑළිය හා හම්බන්තොට යන ඩිපෝ මගින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




