දරාගත නොහැකි ආර්ථික අර්බුදය හමුවේ මෙරට දෙමළ පවුල් දෙකක් ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් වෙත බෝට්ටුවකින් පලා ගොස් තිබෙනවා.
ඊයේ උදෑසන ධනුෂ්කොඩි අසල අරිචල්මුනේ වෙරළේ රැඳී සිටි මෙම පිරිසේ කාන්තාවන් දෙදෙනෙකු, පිරිමි පුද්ගලයෙකු කුඩා පිරිමි දරුවෙකු සහ මාස හතරක බිළිඳෙකු සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
යාපනය සහ තලෙයිමන්නාරම යන ප්‍රදේශවල පදිංචි මෙම පුද්ගලයින් ඉන්දීය වෙරළාරක්ෂක මුර සංචාරකයන් විසින් දැක රඳවාගෙන ඇති අතර ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයේ සිටින නෑදෑයින් පිරිසක් වෙත ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම බෝට්ටු ගමන සඳහා එක් අයෙකුට ඉන්දීය රුපියල් 10,000 බැගින් ගෙවා ඇති බව වාර්ථා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




