2017 වසරෙන් පසු පළමු වරට උතුරු කොරියාව තහනම් අන්තර්ජාතික බැලැස්ටික් මිසයිලයක් අත් හදා බැලූ බවට දකුණු කොරියාව චෝදනා කරනවා.
මෙම දිගු දුර මිසයිලය පැයකට වැඩි කාලයක් කිලෝමීටර 1100 ක් දුර පියාසර කිරීමෙන් පසු ජපානයේ අමෝරි ප්‍රාන්තයේ සාගර කලාපයට පතිත වී ඇත.
උතුරු කොරියාව පසුගිය සති කිහිපය තුළ නොයෙකුත් මිසයිල අත් හදා බැලීම් දියත් කළා.
කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල භාවිත නොකරන බවට ගිවිසුමකට ද එළඹ තිබෙනවා.
බී.බී.සී. ඇසුරිනිඅපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




