පසුගිය දා නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාතාල කල්ලි සමාජිකයෙකු වන සොත්ති උපාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මාර්තු 18 වනදා කඩු රැගෙන පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී රුපියල් 250,000 කට අධික මුදලක් කොල්ල කා ඇත.
මොවුන් බොරැල්ල සහ කොළඹ ප්‍රදේශවල පදිංචි 27 සහ 29 යන වයස්වල පසුවන සැකකරුවන් වනවා.
ඉන් එක අයෙක් 1998 වසරේ වෙඩි තබා ඝාතනය කළ ප්‍රසිද්ධ පාතාල කල්ලි සාමාජිකයකු වන සොත්ති උපාලිගේ පුත්‍රයා බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා භාර දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




