අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඉදිරි සති දෙකක කාලය තුළ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් දහ දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට නියමිත බවයි.
ඒ අනුව මේ වන විටත් ඒ සඳහා සාකච්ඡා කර ඇති බවත් එම මන්ත්‍රීවරුන්ගේ සියලු විස්තර හෙළි කිරීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සර්ව පාක්ෂික සමුළුව පිටුපස ඇති කුමන්ත්‍රණය මහින්දානන්ද අමාත්‍යවරයා සියල්ලන් ඉදිරිපිට හෙළි කළ බවයි.
"විපක්ෂ නායකතුමා මම අර කිව්ව නේද දහ දෙනා, හයන්නෙන් එක්කෙනයි,එයන්නෙන් එක්කෙනයි රයන්නෙන් එක්කෙනයි, සයන්නෙන් එක්කෙනයි... ඔයාලගේ ඔය නම් ටික බලාගන්න.." එහිදී වැඩිදුරටත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශක කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




