පසුගිය යල සහ මහ දෙකන්නයේ වගා කළ ඉඩම් ප්‍රමාණය සහ ඇස්තමේන්තු ගත වී ඇස්වැන්න පිළිබඳ සංඛ්‍යාලේඛන සළකා බැලීමේ දී විපක්ෂය කියන ආකාරයේ ආහාර අර්බුදයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.
අද (24) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ පවතින දත්ත වලට අනුව වී අස්වැන්නේ 25% ක අඩුවක් පමණක් පවතින බවයි.
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ දී සාධාරණ මිලකට සහල් ලබා දීමේ සැළසුමක් ඇති බවත් බියවෙමි මණ්ඩලය විසින් මිලදී ගත් වී තොග ප්‍රමාණවත් තරම් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




