සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක සාමාජිකයන් අතර ඇති වූ බවට සැකකරන වෙඩි තැබීමකින් ඊයේ (24) රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඒ සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මිය ගිය පුද්ගලයින් පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන අය බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර කඩවත පොලිසිය සිදු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




