රුපියල් කෝටියකට අධික ගජමුතු අලෙවි කිරීමට තැත් කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු පස්දෙනෙකු එළඹෙන 7 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තබාගැනීමට අම්පාර මහේස්ත්‍රාත්වරයා අද (25) නියෝග කළා.
මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර කාන්තාවක්, තවත් පුද්ගලයන් දෙදෙනෙක් සහ ඔවුන් ගමන් ගත් ජීප් රථයේ රියදුරා ද සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන වල ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




