නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට තැත් කෙරූ හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බුද්ධි අංශ තොරතුරකට අනුව අද (25) පස්වරුවේ අම්පාර ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමක දී ඔවුන් සතුව තිබී ගජමුතු තුනක් සහ මැණිකකට සමාන පාෂාණයක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන්ට අයත් සුඛෝපභෝගී ජීප් රථයේ තිබී පිස්තෝලයක් සහ ජීව උණ්ඩ අටක් ද හමු වූ බව පොලිසිය පවසයි.
ඒ අනුව මෙම සැකකරුවන් හෙට (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




