අධිකරණයට අපහාස කළ බවට තමන්ට එල්ල වී ඇති චෝදනාව පිළිගන්නා බව හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක රංජන් රාමනායක මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසුවා.
බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම චෝදනා වලට තමන් නිවැරදිකරුවන් ලබා දුන් උත්තර වාදය ඉවත් කරගෙන වැරදිකරු යන උතුර වාදය ඉදිරිපත් කිරීමට සූදානම් බව සදහන් කළා.
"ස්වාමීනි , මෙම චෝදනාවලට නිවැරදිකරු බව මා මුලින් ප්‍රකාශ කළා. එහෙත් එම උත්තරවාදය ඉල්ලා අස්කරගෙන වැරදිකරු යන උත්තරවාදය ඉදිරිපත් කිරීමට මා අවසර පතනවා. මා විසින් සිදු කළ ප්‍රකාශයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක්, නින්දාවක් හෝ හෝ හෑල්ලුවට ලක් කිරීමේ චේතනාවක් මා තුළ තිබුණේ නැහැ.එවැනි මතයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා තුළ තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් මා කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කර සිටිනවා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




