2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2022 මාර්තු 29 සිට අප්‍රේල් 8 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින පුරා පිහිටුවා ඇති ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන වල දී එම පරීක්ෂණ සිදු කෙරෙන බවත් විභාගයට පෙනී සිටිමට අවශ්‍ය ප්‍රවේශ පත්‍රය තැපැල් මගින් එවීමට කටයුතු කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසනවා.
එමෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට සුදානම් වන සිසුන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසත් අදාළ සිසුන්ට විභාගයට පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබා දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
විභාග අයදුම්කරුවන්ට කිසියම් ගැටළුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ 011 2784408 හෝ 1911 දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




