වැට් බදු වැඩි වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය කාරක සභාව හමුවේ පෙනී නොසිටීම පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
රාජ්‍ය මුදල් කාරක සභාවට පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඔහු මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයේ රාණි ජයමහ,සමන්තා කුමාරසිංහ, ජනාධිපති නීතිඥ සංජිව සංජීව ජයවර්ධන යන අයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අමු අමුවේ නොසලකා හැරීමක් බවයි.
කෙසේවෙතත් අද (25) උදෑසන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ තමා මූල්‍ය පාර්ශවය නියෝජනය කරන බැවින් රැස්වීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ පැමිණීමේ වැදගත්කම රාජ්‍ය මූල්‍ය කාරක සභාවට පැහැදිලි කළ බවයි.
එමෙන්ම ඉදිරි දිනකදී රාජ්‍ය මූල්‍ය කාරක සභාවට තමා සහ මුදල් මණ්ඩලය ප්‍රතිචාර දක්වන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




