එළඹෙන සතියේ සිට දෛනික විදුලි කප්පාදුව පැය දහයක් දක්වා ඉහළ යාමේ අවදානමක් ඇති බව වාර්තා වනවා.
තාප බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීමත් ජල විදුලි බලාගාර සඳහා ජලය සැපයෙන ජලාශවල පෝෂක කලාපවලට වර්ෂාව නොලැබීමත් මේ සඳහා හේතු වී ඇත.
පවතින තත්ත්වය මත දැනට පැය හයකට අධික කාලයක් විදුලිය විසන්ධි කෙරෙන අතර එය පැය දහයක් දක්වා වැඩි කිරීමට අවධානය යොමු වී තිබෙනවා.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




