කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත 9 කනුව ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ වෙඩිතබා ඝාතනය කර ඇත්තේ නම ගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වන බැරල් සංඛගේ ගෝලයින් දෙදෙනෙකු බව වාර්තා වනවා.
පාතාල කල්ලි දෙකක් අතර ඇති ඇතිවූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතුව බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූවන් අතර හමුදාවෙන් පලා විත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව කටයුතු කළ අයෙක් සිටින බවත් ඔහු 2015 වසරේ පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් බව පොලිසිය පවසනවා.
මෙය මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් මත්කුඩු ලබාගෙන මුදල් නොදී සිටීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් බව පොලිසිය සැක පළ කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




